ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ධනවත් රටවල් නියම කළ පිලියම් ක්‍රියාත්මක කිරීමට යත්න දැරූ රටවල් ගණනාවක් තුළ දේශපාලන අස්ථාවරත්වය වර්ධනය වී ඇත. එබඳු පිලියම් ක්‍රියාත්මක කිරීමට යත්න දැරූ බ්‍රසීලයට පසුගිය වසර අවසානයේදී දැවැන්ත වැඩ වර්ජන රැල්ලකට මුහුණදීමට සිදු විය. එම ජන අප්‍රසාදය හමුවේ පසු බැසීමටත් කම්කරු වැටුප් වැඩි කිරීමටත් ඔවුන්ට සිදුවිය. පේරු රටේ තත්වය ඊටත් වඩා අන්තයට පිරිහි බිහිසුනු හා ප්‍රන්ඩ ස්වරූපයක් ගෙන ඇත.
එත් අතතික් රජයේ මර්ධනයද, අනිත් අතින් සෙන්දේරෝ ලුමිනෝසෝ – දිලිසෙන ඉදිරිමග – ගරිල්ලා සංවිධානයේ ප්‍රහාරයන්ද දිනෙන් දින වැඩිවී ඇත. මැක්සිකෝවේ දැවැන්ත වැඩ වර්ජන හා ජොර්දායේ කැරලිකෝලහලද මේ පිලිවෙත් නිසා ඇති වෙමින් පවතී. මෙතෙක් ලතින් ඇමරිකාවේ ඉතාම ධනවත් වූද, ස්ථාවරවුද රට වශයෙන් සලකනු ලැබු වෙනිසියුලාවේ පුපුරා හැලුනු කැරලි කෝලාහලයන් නිසා 262 දෙනෙකු මරුමුවට පත්විය. වෙනිසියුලාතෙි වූ දැවැන්ත හා අනපේක්ෂිත ජනතා නැගිටීම නිසා තැතිගත් අධිරාජ්‍යවාදී රටවල පාලකයින් ණය අර්බුදය විසදීමේ මං සෙවීමට යලිත් උත්සුක විය. එක්සත් ජනපදයේ භාන්ඩාගාර රාජ්‍ය ලේකම්වරයා නොදියුනු රටවලි විසින් පුද්ගලික බැංකුවලට ගෙවිය යුතු ඩොලර් බිලියන 400 අඩු කිරීකම සදහා තවත් වැඩපිලිවෙලක් ලෙස ණය ලබාදීම හා කොන්දේසි පැනවීම යෝජනා කර තිබේ.
මෙවැනි තත්වයක් තුල ලංකා රජය සමග මිත්‍රශීලි සම්බන්ධකම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දැනට පවත්වා ගෙන ගියත් ණය ගෙවීම ආරම්භවන 2028න් පසු මතුවිය හැකි තත්වය භයංකාරය. ඒ සදහා ණය ගෙවීම මෙන්ම කොන්දේසි ඉටු කිරීම යන ද්විත්ව කාර්යයන් තුල වැඩකරන ජනතාව හා පොදු ජනතාව මිරීකී යන අතර, සාධනීය ආර්ථික වර්ධනයක් ලගා කර ගැනීමේ ගැටලු මතුවීම ගැනද අවධානය දැන්ම සිට යොමු කිරීම අවශ්‍යය. විශේෂයෙන් රජයට පක්ෂපාත වැඩකරණ ජනතා ජන බලවේගයක් ඒකරාශි්කර කර තබා නොගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීම ගැන පමණක් සිතා කටයුතු කිරීම සිදු වුවහොත් වැඩකරන ජනතා බලවේගයේ නැගිටීම් මතුවීමද, දේශපාලන අස්ථාවරත්වයට පත්වීමද, ආර්ථික වර්ධනය ඇනහිටීමට ආණ්ඩුව ඡන්ද සටනින් පරාජයට පත් වෙමින් අන්ත දක්ෂිනාංශික බලවේගය වෙත නැවත පාලනය භාරදීමද සිදු වනු ඇත. එබැවින් මෙය දුෂ්ඨ චක්‍රයක් ලෙස කැරකෙන අතර, අද මහින්ද රාජපක්ෂ හා ශ‍්‍රී ල.නි.ප. බලවේගයන්ට අද වනවිට අත්වී ඇති තත්වය ඉදිරියේදී ජාතික ජනබලවේගයටද ජනතා ගාමනයේ දිසානතිය අනුව අත්වෙන බව මතක තබාගෙන කටයුතු කලයුතුව ඇත.