හොද සමාජයක් පිළිබද විශ්වාසය හා බලාපොරොත්තුව අපට අවශ්‍යය!
සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස අපට මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ගෝලීයකරණයේ පීඩාවට පත් සුදු කම්කරුවන් හා කලු කම්කරුවන් අතර එක්සත් කමක් හදන්නේ කෙසේද යන්නය. එදා මාක්ස්වාදී දර්ශණයෙන් කළ එම එක් කිරීම වර්තමානයේ කළ නොහැකි විෂය බද්ධයකට ලොව පුරා වාමාංශිකයින් මුහුණ දෙමින් සිටී. මාක්ස් දුටු ලෝකයේ ප්‍රාග්ධනය සමග ගැටෙන ශ්‍රමිකයෝ සමූහයක් කර්මාන්තශාලා ගතව සිටියෝය. එකවහලය යට වැඩ කිරීම…