2024 පාර්ලිමේන්තු මැතිවරණය: විජයග්රාහී වාමාංශික බලයක් වෙනුවෙන් පෙල ගැසෙමු.
මැදමාවතේ දේශපාලන කඩාවැටීම නිසා ජනතාව වාමගාමීව ජාතික ජන බලවේගය වෙත ඇදී යන ආකාරය අපි කල්වේලා ඇතිව දුටුවෙමු. 2024 ජනාධිපතිවරණයට පෙර සිට අප පක්ෂය හා ජා.ජ.බ අතර සම්බන්ධයක් ගොඩනඟා ගෙන එක් සන්ධානයක් හැදීමට අපි අවංකව උත්සාහ කලෙමු. ජනාධිපතිවරණයේදී අප පක්ෂය වෙනම තරඟ කිරීම ප්රායෝගික නොවන බැවින් ද ජ.වි.පෙ. සමඟ සම්මුතියක් ඇති නොවූ බැවින්ද අතරමැද පියවරක් ලෙස…