කැලණිය විජය වීරසේකර සහෝදරයාගේ අභාවය පිලිබඳව අපගේ ආචාරය!
විජය වීරසේකර සහෝදරයා වාමාංශික විප්ලවකාරී දේශපාලනය තම දර්ශනය කර ගෙන ජීවන රටාව වෙනස් කරගත් අයෙකි. මාක්ස්වාදී දර්ශනය පිලිබඳව දැඩි විශ්වාසයකින් යුතුව හැදෑරු ඔහු සමාජය වෙනස් කිරීම තම ජීවන පරමාර්ථය ලෙස සලකා තම ජීවන පැවැත්මද වෙනස් කර ගත් අයෙකි. අනාගත ලෝකයේ වෙනස්වීම් ගැන අනෙක් සගයන් වෙත උපදෙස් දෙමින් නිරන්තරයෙන් වාදවිවාදයන්ට එලඹීම හා තියුණු වාග් ප‍්‍රහාරයන්ගෙන් ප‍්‍රතිවාදීන්…